දරුවනේ හෙටවත් ඇවිත් යන්න මගෙ සිත ගිනි නොරන්දා

දරුවනේ දැං මට හරි මහන්සියි

දිවා රෑ දෙකේ හරියට කාංසියි

යන්න එන්න වාරු නැතිව පිලේ පැදුර මත හිඳගෙන

අන්ධ මට නුඹල දැකුමට තහංචියි

 

දරුවනේ නුඹේ අම්මා මහා දුක් ගොඩක් වින්දා

ඇයත් මියැදුනා නුඹලා එන මග බලන් උන්දා

නුඹලා අතැර ගිය දා අප මහළු වන්දා

හෙළු සුසුමන් කාටනම් ඇසුනිදෝ මන්දා

 

කම්හලේ ගල් වලේ කුලී වැඩ මම කරපු හුන්දා හින්දා

දෑතෙ කරගැට තවත් තියෙනවා එහි මතක රන්දා

ජීවිතේ මහ දුරක් යන්න තව හැකි වේද මන්දා

දරුවනේ හෙටවත් ඇවිත් යන්න මගෙ සිත ගිනි නොරන්දා


 

 

 

 




 


 


 


Post a Comment

0 Comments